Tuesday 25 December 2012

බනි හාවගේ බ්ලොග් ගමනේ ඇරඹුම. සුභ නත්තලක් සමග







ලැබුවාවූ නත්තල සාමයෙන් සතුටින් සෞභාග්‍යයෙන් සපිරි සුභ නත්තලක් වේවා!


මේ බනියාගේ පලවෙනි පොස්ට් එක බ්ලොග් එක පටන්ගත්ත උනාට පොස්ට් එකක් දාන්න ඉඩක් ලැබුනේ නැහැ. හැමදාම කිටියා කුනු කුනු ගානවා මොනවා හරි ලියන්න කියල. ඉතින් ඔන්න මම ලෝක විනාසෙන් පස්සෙම ලියන්න ගත්තා. ලබන්නා වූ නව වසරේ ඉඳන් සක්‍රීය බ්ලොග් කරණයට පිවිසෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගමන යන්න මට හැමෝගෙම උදව් ඕනේ.  ඒකට හැමෝම උදව් කරයි කියල මම බලාපොරොත්තුවෙනවා. මොකද ඔයාල හැමෝම බ්ලොග් ලෝකේ ප්‍රවීණයෝ මම තාම බහ තෝරන්න පටන්ගත්තා විතරයි. අපේ කිටියත් මට උදව් කරනවා. ඒත් අනෙක් අයියල අක්කලා නංගිලා මල්ලිලාගේ අත හිතත් ඕනේ 




                                            පින්තූරේනම් ඉස්සුවේ කිටියගේ බ්ලොග් එකෙන්

26 comments:

  1. අනේ බනි නගෝ අපි බොහෝ දිනක හිටන් බලා සිටි දෙයක් නේ මේ. කිසිම ගැටලුවක් නෑ කෝරලේ මලයා කියා දෙයි කරන්න ඕන දේ. ඔයා දිගටම ලියන්න. මගේ සුබ පැතුම් දරුවෝ..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නලීන් අයියේ. ලියන්න ආසාවක් තිබුනත් පටන් ගැන්ම කොහොම කරන්නද කියල හිත හිත ඉද්දි තමා අද නත්තල කියල මතක් උනේ.විශේෂ දවසක් නිසා අදම පටන් ගත්ත.ඇරඹුම නරකම නෑ.අයියා වගේ ප්‍රවීනයෙක් මගේ බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් එක්කක් දැම්ම එකම මට ලොකු හයියක්. :) මේ වගේ දිගටම අයියල මට උදව් කරයි කියල බලාපොරොත්තුවෙනවා :)

    ReplyDelete
  3. බොහොම හොඳයි නගා ලියන්න ගත්ත එක. මාත් මේ පැත්තෙන් යන ගමන් හොම්බ දාගෙන යන්නේ නිතරම මොනවා හරි ලියලද බලන්න. පුළුවන් ඕන සපෝට් එකක් දෙන්නම්. අනික කෝරලේ මලයත් ඉන්නේ ඔය.
    සුබ පැතුම්..! සුබ නත්තලක් වේවා!!

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක මෙන්න මේකත් කරලා දාන්න.
      Dashboard > Settings > Post & Comment > Show word verification = No දීලා Save.

      Delete
    2. අපොයි ඔව් අයියේ. කිට්ට්යනම් ඉන්නවා තමයි. මට වඩා එයටයි මේ ගැන උනන්දුව තියෙන්නේ.මට ඉතින් තාම මේ ගැන හරි හැටි තේරුමක් නෑ.බලමුකෝ අද හෙටම අළුත් පොස්ට් 1කක් ලියන්න.කොහොම උනත් බොහොම ස්තූතියි මම වගේ ආධුනිකයෙකුට අයියල හයියක් වෙනවට :)

      Delete
  4. කෝරලේ හොම්බෙන් යන්නේ මෙදා තමා.. :D:D:D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔව් ඔව් මාරයියේ

      Delete
    2. අනේ මන්දා කිට්ට්යටත් ඔය බයම තියෙනවනේ අයියේ :D. අයිය කොහොමද ඒක හරියටම කිව්වේ ?????

      Delete
  5. ප්‍රවීණයෝ හිතන්නෙවත් නැති සුන්දර දේවල් බහ තෝරන පොඩි එවුන්ට හිතෙනවා නංගියේ .. :)

    හා පැංචිගේ ලෝකෙට සුභ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි රෝස් අක්කේ.ඔයානම් ඇත්තටම ලකී තමයි. :D

      Delete
  6. මේ අපේ කෝරලේ මහත්තයාගේ බනියා ද... හොදයි හොදයි දිගටම ලියන්න මගෙන් සුභපැතුම් !!!

    (මතක ඇතිව word verification අයින් කරන්න හොදේ ..)

    ReplyDelete
    Replies
    1. ඔන්න අයියලාගේ ඉල්ලීමට මම නැතත් කිටියා සවන් දීල අයින් කරලා දුන්නා :D. මමනම් තාම ඕවා දන්නේ නෑ අයියේ. බොහොම ස්තූත්යි අයියේ බනිගේ ලෝකෙට ඇවිත් සහය දුන්නට. :)

      Delete
  7. ඔන්න බනියෝ මගෙත් සුභ පැතුම් මටත් වැඩ හොඳට සිංහල දන්නා එකේ ඔයාට ගොඩ දුරක් යන්න පුළුවන් Wish u all the best :*

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිටියෝ.අනිත් හැමෝම ඔයාව කෝරලේ මහත්තය කිව්වට මම කියන්නේ බලල් තඩියා කියලනේ.:D

      Delete

  8. ඔන්න අපෙනුත් සුබ පැතුම් ...
    ලබන්නා වූ නව වසර සියලු කටයුතු මල් මල්ඵල ගැන්වෙන
    වාසනාවන්ත නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි අයියේ. silent කිව්වට අයියා silent නම් නැති පාටයි :)

      Delete
  9. අඩේ මේ ඉන්නේ කෝරලේ අයියගේ හාමිනේ!.
    වෙල්කම් අක්කා එහෙනම් පටන් ගන්න ලියන්න අපි බොක්කෙන්ම සප් එක දෙන්නම්.

    කිටියා හික්ස් ඔය අහුවෙන්නේ කෝරලේ අයියගේ පෙට් නේම් :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.ඒක තමයි කොරලේමහත්තයගේ පෙට් නේම් එක.තව තියෙනවා.ඉස්සරහට ඒවා කියන්නම්කෝ.සප් එක දෙනවනම් මමත් ලියන්නම්කො මල්ලියෝ. බොහොම ස්තූතියි මල්ලියෝ :)

      Delete
  10. හානේ බනී හා පැන්චිත් බ්ලොග් එකක් ලියන්න යන වග දැන්නේ දැනගත්තේ ..මරු මරු ! ඔයා දන්නවද අපේ ඉස්කෝලේ යාළුවො මට කතාකරන්නේ හාවා කියලා ..ඔන්න හාවට තව හාවෙක් එකතු වුනා ;) දිගටම ලියමු ..අපි එනවනේ කියවන්න (හෑ ...කෝරලේ එතකොට කිටියද ? :D)
    :)

    ReplyDelete
    Replies
    1. කෝරලේ කිටිය තමයි අනේ :D හික්...හික්...ඒ නම හොදයි නේද? අනේ කොහොම හරි මටත් හා අක්කෙක් ලැබිච්ච එකම සතුටක්. එන්නකෝ වෙලාවක උඳුපියලිය ටිකක් එහෙම කාලා යන්න අපේ දිහා.බොහොම ස්තූත්යි අක්කේ මේ පැත්තට ආවට. :)

      Delete
  11. ඔන්න බනියෝ....මගෙනුත් සුභ පැතුම්! කිටියටත් වඩා හොදට ලියන්න. හික්..... එයාට කියන්න එපා ඉතිං මං එහෙම එකක් කිව්වයි කියලා..... :D

    ReplyDelete
    Replies
    1. මමනම් කටක් අරින්නේ නෑ අක්කේ. ඔයාම කිව්වොත් තමයි.බොහොම ස්තූතියි අක්කේ :)

      Delete
  12. මම පරක්කු වෙලා නේ... හි හි

    සුබ අලුත් අවුරුද්දක් වේවා.. එහෙනං දෙන්නම ලියමුකෝ.. අපි එන්නං කියවන්න..... හි හි

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අක්කේ. ඔයා පරක්කුයි නේන්නම්..කමක් නෑ පරක්කු වෙලා හරි ආවනේ.බොහොම ස්තූති ආවට.

      Delete
  13. සුබ පැතුම් ,හොදින් ලස්සන ලිපි ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  14. කෝරලේ දැං සිය පවුලම දාන්න වගේ යන්නේ..
    තව ටික දොහකිං කෝරලේ බනී පැටියා කියලා බ්ලොග් එකකුත් ලියැවෙයිද මංදා...
    හි හි..
    ජයවේවා ඈ...

    ReplyDelete

පෝස්ට් එක කියවල ඔයාලගේ අදහසත් කියල ගියානම් මට මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ පොස්ට් එක ලියන්න පුළුවන්